පැරිස් ඔලිම්පික් උළෙලේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ව්‍යර්ථ කළ හැටි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ විසින් Saint-Etienne හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්ලාම් මතධාරීන් සමග සංකේතාත්මක පණිවුඩ හුවමාරු කරගෙන ඇති සැකකාර තරුණයාගේ දුරකථනයේ සහ පරිගණකයේ තිබී ක්‍රීඩාංගණයේ ඡායාරූප සහ වීඩියෝ සොයාගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පැරිස් ඔලිම්පික් උළෙලේ පාපන්දු තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇති Saint-Etienne හි Geoffroy-Guichard පාපන්දු ක්‍රීඩාංගණය ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීම සැකකරුගේ සැලසුම වී තිබූ බව සඳහන්.

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රේක්ෂකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ද ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැකකාර තරුණයා සූදානමින් සිටි බවයි.

ඉස්ලාමීය මතවාදියෙකු බවට පැවසෙන තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැති අතර ත්‍රස්ත කුමන්ත්‍රණ චෝදනා යටතේ ඔහු රඳවා තබාගෙන ඇති බව වාර්තා වනවා.

පැරිස් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට හමුදා නිලධාරීන් 20,000ක් සහ පොලිස් නිලධාරීන් 40,000ක් මෙන්ම විදෙස් රටවල හමුදා සහ පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යොඳවා තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »