මගීන් අතරමං කළ පර්ත් ගුවන්තොටුපලේ ඉන්ධන ගැටලුවට හේතුව හෙළිවෙයි

ගුවන් ගමන් 60කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වීමෙන් පසු පර්ත් ගුවන්තොටුපලේ ඉන්ධන පිරවීමේ ගැටළුව විසඳා තිබෙනවා.

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් 59ක් පමණ මෙම ඉන්ධන ගැටලුව හේතුවෙන් අවලංගු කිරීමට සිදු වූ බවයි පර්ත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ උදෑසන හටගත් මෙම අර්බුධය හමුවේ සංචාරකයන් ඇතුලු ගුවන් මගීන් දහස් ගණනක් අපහසුතාවට පත්ව තිබුණා.

ඉන්ධන පිරවුම් පද්ධතියේ නල මාර්ගවල අඩු පීඩනය තත්වයක් හේතුවෙන් සිදු වූ ඇනහිටීමක් මෙම ප්‍රමාදයට මූලික වූ බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ගැටලුව විසඳීම සඳහා බාහිර විශේෂඥයන් සමඟ කටයුතු කර ඇති බවයි.

එම ගැටලුව නැවත උද්ගත වන්නේ ද යන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බව ඔවුන් අවධාරණය කළා.

මෙම ගැටලුවත් සමග පර්ත් ගුවන් තොටුපළ බලධාරීන් විසින් ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබුණේ ආපසු ගමනක් යාමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් නැවත දැනුම් දෙන තුරු පර්ත් ගුවන්තොටුපළට නොපැමිණෙන ලෙසටයි.

සංචාරකයන් සිය ගණනක් මෙමගින් පීඩාවට පත්ව සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ දුෂ්කරතාව හමුවේ තමන්ට ඩොලර් දහස් ගණනක් වැය වී ඇති නිසා වන්දි ගෙවීමක් අවශ්‍ය බවයි.

මෙම සිද්ධිය හේතුවෙන් පැය 12 කට වැඩි කාලයක් මගීන් දහස් ගණනක් අතරමංව සිටි අතර එය යථා තත්වයට පත් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් ක්‍රමයෙන් පියවර ගනු ලැබුවා.

පර්ත් ගුවන් තොටුපළ නව පර්යන්තයක් සහ ධාවන පථයක් සමඟ වැඩිදියුණු කිරීම සඳහා Qantas සමඟ ඩොලර් බිලියන 5ක ගිවිසුමකට ද පසුගියදා එළඹ තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »