වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ළමයින්ට විශේෂ වැඩසටහනක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 7 වසරේ සිට 10 වසර දක්වා පාසල් ළමුන්ට ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයේ අයහපත් බලපෑම් පිළිබඳ අවබෝධය ලබා දීම මෙහි අරමුණයි.

වික්ටෝරියා හෙල්ත්හි ප්‍රධාන විධායක වෛද්‍ය Sandro Demaio සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහි වූ පාසල් ළමුන්ගෙන් උපදේශණ සේවා සඳහා ලැබෙන ඇමතුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් සියයට 30ක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහිව ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ජනවාරි පළමුවන දා සිට රට තුළ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ ද සමාජය තුළ නීති විරෝධී අලෙවියන් වැඩි වශයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය පාලනය සඳහා පාසැල් මට්ටමින් පන්ති කාමර තුළ ළමුන් දැනුවත් කිරිමේ ප්‍රමුඛ කාර්යයක් ගුරුවරුන්ට පවතින බව අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »