කොවිඩ් බව වසන් කල මෙල්බන් හෙදියකට $ 25,000 ක දඩයක්

කොවිඩ් ආසාධිත බව දැනුවත්ව Aged care මධ්‍යස්ථානයක සේවය කල මෙල්බන් හෙදියකට ඩොලර් 25,000 ක දඩයක් නියම කර තිබෙනවා.

36 හැවිරිදි ඇය Moorabbin මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි මෙම දඩය නියම කර ඇත්තේ.

කොවිඩ් පරීක්ෂණයක් සඳහා පෙනී සිටින ලෙසත් එහි ප්‍රථිඵලය ලැබෙන තුරු සේවයට නොයන ලෙසත් වෛද්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබියදිත් මෙම තැනැත්තිය 2020 වසරේ ජූලි 26 හා 27 යන දිනවලදී Highett හි Menarock Aged Care වෙත රැකියාවට ගොස් තිබෙනවා.

රැකියා ස්ථානයටද ඇය දන්වා තිබුණේ තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවටයි.

ජූලි 30 වනදා මෙම තැනැත්තිය කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ අතර එහි නේවාසිකයෙකුද කොවිඩ් ආසාධිත බව පසුව තහවුරු කර ගැණුනා.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව යටතේ අදාළ හෙදියට එරෙහිව නඩු පැවරීමටයි බළධාරීන් පියවර ගනු ලැබුවේ.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »