ANZ බැංකුවට $ මිලියන 236 ක වන්දියක් ගෙවන්න නියෝග

ගණුදෙනුකරුවන්ට නිසි තොරතුරු සැපයීමේ චෝදනාවකට වරද පිළිගත් ANZ බැංකුවට ඩොලර් මිලියන 236 ක වන්දියක් ගෙවන ලෙස ෆෙඩරල් අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.

689,000 කට ආසන්න පිරිසකට හිමිවන පොළී වට්ටම් සහ ගාස්තු අය නොකිරීම් පිළිබඳ දැනුම්දීමට බැංකුව අපොහොසත් වී ඇති බවටයි නිගමනය වී ඇත්තේ.

ඒ අනුව ඩොලර් මිලියන 25 ක දඩයක් ඔවුන්ට නියම කල අධිකරණය තවත් ඩොලර් මිලියන 211 ක මුදලක් ගණුදෙනුකරුවන්ට වන්දි ලෙස ගෙවන්නැයි නියම කර තිබෙනවා.

2003 වසරේදී ANZ බැංකුව විසින් හඳුන්වාදුන් නම් පැකේජය හරහා ගණුදෙනුකරුවන්ට නිවාස ණය – ක්‍රෙඩිට් කාඩ් වැනි දෑ සම්බන්ධයෙන් සහන රැසක් හිමිවීමට නියමිතව තිබුණා.

එහෙත් ඔවුන්ට ඒ බව දැනුම් නොදීම හමුවේ 2003 ඔක්තෝබර් 01 වනදා සිට 2021 සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුළ ගණුදෙනුකරුවන්ගෙන් ඩොලර් බිලියන 1.9 ක මුදලක් අයථා ලෙස අයකරගත් බව ANZ බැංකුව අධිකරණය හමුවේ පිළිගෙන තිබුණා.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »