විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

VEHICLE

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ඔවුන් ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් සැපයේ.

එහිදී 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් සක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර හිමිවේ.

2022.05.04 වන දින සිට 2023.12.31 වන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර හිමිව තිබේ.

විගමනික ශ්‍රමිකයන් එතෙරදී උපයන විදේශ විනිමට ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවත්, ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඒ සඳහා අදාළ චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කර ඇත.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »