Woolworths සත 99 බෑගය රට පුරා භාවිතයෙන් ඉවත් කිරීම ඇරඹෙයි

Woolworths හි ජනප්‍රිය අංගයක් වූ සත 99 ක් වටිනා බෑගය භාවිතයෙන් ඉවත් කිරීම සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කල හැකි වෙනත් බෑගයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි Woolworths සඳහන් කලේ.

මෙතෙක් පැවති සත 99 බෑගය අතිශය ජනප්‍රියවී තිබුණේ කිසියම් අයුරකින් එය හානියට පත්වුවහොත් නොමිළයේම වෙනත් බෑගයක් ලබාදීමට Woolworths විසින් කටයුතු කර තිබීම හේතුවෙනුයි.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ,්‍රලියා යන ප්‍රාන්තවල දැනටමත් මෙම සත 99 බෑගය වෙනුවට නව බෑගය ලබාදීම ආරම්භ කර තිබෙනවා.

Northern Territory සහ දකුණු ඔස්ටේ්‍රලියාව තුළදී ඉදිරි සති කිහිපය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »