ලොව ප්‍රමුඛම විද්‍යාඥයන් අතරට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් ගෙන් සියයට දෙකට ඇතුළත්ව තිබේ.

ලොව පුරා විද්‍යාඥයන්ගේ ප්‍රකාශනවල ප්‍රබලතාව විදහා පාන “සී අගය (C-Score) මත මෙම වර්ගීකරණය සිදු කර ඇත.

විෂය 176 ක් පුරා විහිදී ගිය විද්‍යාඥයන් මෙහිදී ඇගයීමට ලක් කර ඇත.

මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, SAM කුලරත්න, ජනක ද සිල්වා, නීලිකා මලවිගේ, කමනි මෙන්ඩිස් යන මහාචාර්යවරු ද මේ අතර වෙති.

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයා වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන චන්න ජයසුමන ද මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ  මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »