
ගුවන් තොටුපළ සේවක වර්ජනයක් හේතුවෙන් නත්තල් නිවාඩු සමයේ ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළ රැසක මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගිනි නිවීම් සහ ගළවා ගැනීම් සේවකයන් නත්තල් සහ නව වසර නිවාඩු ආවරණය වන පරිදියි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.
වසර 03 ක් තුළදී සියයට 15 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතයි.

මෙල්බන් – සිඩ්නි සහ බ්‍රිස්බන් ගුවන් තොටුපළවල මෙම වර්ජනය ආරම්භ කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.
කෙසේවෙතත් ඉදිරියේදී එය අනෙකුත් ගුවන් තොටුපළ දක්වා වුවද ව්‍යාප්ත වීමේ අවධානමක්ද පවතිනවා.

කිසියම් අයුරකින් මෙම වර්ජනය සැළසුම් කර ඇති පරිදි ක්‍රියාත්මක වුවහොත් වසර 03 කට පමණ පසු නත්තල් නිවාඩුව වෙනුවෙන් සංචාර සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසකට දැඩි දුෂ්කරතා එල්ල වනු ඇතැයි සඳහන්.