
ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් නම් කර තිබෙනවා.
ඒරන් ෆින්ච් ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි ඔහු පත් කර ඇත්තේ.
දැනට ටෙස්ට් නායකයා ලෙසද පැට් කමින්ස් කටයුතු කරන අතර ලබන වසරේදී ඉන්දියාවේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේදී ඔස්ටේ්‍රලියා කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇති.

මීට පෙර වාර්තා වූයේ ඩේවිඩ් වෝනර් එක්දින නායකත්වයට නැවතත් පත් කෙරෙනු ඇති බවයි.
ඒ සඳහා ඉඩකඩ සළසමින් ක්‍රිකට් ඔස්ටේ්‍රලියා ආයතනය පසුගියදා නීති සංශෝධනයක්ද සිදුකරනු ලැබුවේ තරග තහනම් පණවා ඇති ක්‍රීඩකයන්ට අභියාචනා ඉල්ලීමට ඉඩකඩ සළසමිනුයි.
