ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් – අනුර කුමාර අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සමග අදහස් හුවමාරු කරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අතර පැවති

හමුවකදී ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ සාකච්ඡා කර ඇත.

අනුර කුමාර දිසානායක සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ  ආචාර්ය හරිනි අමරසූරිය ද  මෙම හමුවට සහභාගී වී තිබේ.

එසේම  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සමග තොරතුරු නිලධාරිනී ට්‍රිවාන් ඇනකැරේජ් මෙම හමුවට සහභාගී වී ඇත.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »