ඔස්ටේ්‍රලියාවේ ගුරුවරුන් ගැන අමුතුම අනාවරණයක්

පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා සූදානම්වීමේදී ඔස්ටේ්‍රලියානු ගුරුවරුන්ට ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

නිසි විෂය නිර්දේශ සහ සහය නොලැබීම හේතුවෙන් ඔවුන් යූ ටියුබ් වැනි ක්‍රම හරහා අවශ්‍ය දැනුම ලබාගැනීම කෙරෙහි වැඩි වශයෙන් පෙළඹී ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ටේ්‍රලියාව තුළ ගුරුවරුන් 2000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල සමික්ෂණයකදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ගුරුවරුන්ට විෂය නිර්දේශ සඳහා අවශ්‍ය අමතර මූලාශ්‍ර සැපයීම එක් එක් පාසලේ වගකීම බවට පත්විය යුතු බවත් එහි සඳහන්.

උසස් පාසලක ගුරුවරයෙකුට අවම වශයෙන් පැය 2000 ක කාලයක් සිය ඉගැන්වීම් සඳහා සූදානම්වීමට කාලය අවශ්‍ය බවයි මෙම වාර්තාව දක්වා ඇත්තේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »