Search

වික්ටෝරියා ජල ගැලීම් ප්‍රදේශවල මංකොල්ලකෑම් රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම් හමුවේ තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යොමුවූ පුද්ගලයන්ගේ නිවාස මංකොල්ලකෑම් සිදුවීම් රැසක් පසුගිය පැය 48 තුළදී වාර්තා වී තිබෙනවා.

මවුන්ට් හෙලන් ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනය තුළදී මෝටර් රථවලට හානි කිරීමේ සිදුවීම් 15 ක් වාර්තා වී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටියේ.

මෙල්බන් තදාසන්න ප්‍රදේශ කිහිපයකින්ද මෙවැනි සිදුවීම් සටහන්වූ බවට වාර්තා පළවනවා.

මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවටයි ප්‍රාන්ත පොලිසිය අනතුරු අගවා සිටින්නේ.

සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාල ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බවත් පොලිසිය සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »