ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ආසියානු කුසලාන අවසන් මහ තරගයට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුවා.

ඒ පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 122ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 123 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන පිලට පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකා පිල සහ ඉන්දියාව තරග වැදීමට නියමිතව ඇත.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »