සිම්බාබ්වේට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක් හිමිවෙයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්.

වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 37 ක් රැස් කළා.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය අද පැවැත්වුණේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »