ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

ඒ , ලෝක බැංකුවේම ශාඛාවක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින්.

ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවෙන් ණය ලබා ගැනීමේදී මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවතීම සුදුසු කමක් ලෙස නොසැලකීම ඊට හේතුවී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

අපේ රට ජාත්‍යන්තර වර්ගීකරණය අනුව. මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා තිබුණා. මැදි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තරව පිළිගනු ලබන විට සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර යනාදිය ලබාගන්න බෑ. අපේ ඒක පුද්ගල ආදායම අනුවයි මේ වර්ගීකරණය සිද්දවෙන්නේ. ඒක පුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ ආර්ථිකයේ පසුබෑමත් සමඟම පහතවැටිලා තිබෙනවා. අපි මේ ඉතිහාසය සඳහන් කලොත්  1948 සිට 2004 දක්වා. අවුරුදු 56ක කාලය තුළ අද සියවසකට වැඩි කාළයක් අපේ රටේ සාමන්‍යය ආර්ථික වර්ධනවේගය සියයට 5ට අඩු මට්ටමේ තිබුණේ. නිදහස ලැබෙනකොට අපේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 120යි. අවුරුදු 56ක් ගතවුණා මේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 පන්නන්න.  ඊට පසුව විශේෂයෙන් යුද්ධය නිමවීමත් සමඟ උතුරු නැගෙනහිර ගැටුම් නිමවීමෙන් පසුව ආර්ථික කටයුතු විශාල ලෙස ප්‍රසාරණය වුණා. විශාල නිෂ්පාදන ක්‍රියාවලියේ පිබිදීමක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 වනවිට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3827ට පැමිණෙන විට ලංකාව අඩු ආදායම් ගොඩෙන් මිදිලා මැදි ආදායම් ගොඩට එකතුවුණා. 2017දී එය 4074 වුණා 2018දී එය 4057ට අඩුවුණා 2019දී 3848ට අඩුවුණා. 2020දී 3695 වුණා. 2021දී 3815 වුණා. 2022 දී තවදුරටත් මෙම ඒක පුද්ගල ආදායම අඩුවන නිසා ලෝක සංවිධාන විසින් මුදල් අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබෙනවා. තවත් දුෂ්කරදායී තත්ත්වය තුළ සහනදායී ලෙස නය ආධාර ලබාගන්න පුළුවන් වෙන ලෙස ඒ ජාත්‍යන්තර ආයතනවලට මැදිහත් වීම පහසුකිරීම සඳහා නැවතත් රට කළින් තිබුණු තැනට අඩු ආදායම්ලාභී රටක වර්ගීකරණයට ඇතුළත් කරන්න කියන ඉල්ලීම ඇතුළත් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. 

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »