ලංකාවේ ව්‍යාපෘති සඳහා ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් දුන් සිඩ්නි දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ව්‍යාපෘති 02 ක් සඳහා ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් දුන් බව කියන සිඩ්නි පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකල විමර්ශනයක ප්‍රථිඵලයක් ලෙසයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

2009 සහ 2016 අතර කාලයේදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපෘතිවලට අදාළව විදේශීය රාජ්‍ය නිළධාරීන් වෙත ලබාදී ඇති බව පැවසෙන මුදල ඩොලර් 304,000 ක්.

67 සහ 71 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ඔස්ටේ්‍රලියාව තුළ ක්‍රියාත්මක මහා පරිමාණ ඉංජිනේරු සමාගමක (SMEC) නියෝජිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

FBI ආයතනය – කැනඩා පොලිසිය – ශ්‍රී ලංකා – ඉන්දියා සහ බංග්ලාදේශ පොලිසි ද සම්බන්ධ කරගනිමින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා ඔස්ටේ්‍රලියානු ආයෝජන කොමිසම – වෙළඳ කොමිසම විසින්ද සහය දි තිබු බව සඳහන්.

සැකකරුවන්ට වසර 10 ක පමණ සිර දඩුවම් නියමවනු ඇති බවටයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය අනාවැකි පළකරන්නේ.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »