මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක්

ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

ගුවන් වාර 09 ක් පමණ ප්‍රමාද කර ඇති අතර 1000 කට ආසන්න ගුවන් මගීන් පිරිසක් නැවත පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබුණා.

ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ පරීක්ෂාවට ලක් නොවු පුද්ගලයෙකු ගුවන් පර්යන්තය වෙත පිවිසීම හමුවේ මෙම ගැටලුව උද්ගතවී ඇති බවයි.

ඒ අනුව ගුවන්ගතවීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටි මගීන් පිරිසක් ඉන් ඉවත් කර නැවත පරීක්ෂා කිරීමටද පියවර ගත් බව සඳහන්.

මෙහි බලපෑම හමුවේ අද දිනයේ මෙල්බන් පමණක් නොව සෙසු ගුවන් තොටුපළ රැසකද ප්‍රමාදයන් ඇතිවිය හැකි බවටයි වාර්තා පළවන්නේ.

මේ අතර ඇඩිලේඩ් ගුවන් තොටුපළේද අද පෙරවරුවේ මෙවැනිම තත්වයක් උද්ගතව තිබූ බව වාර්තා වනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »