ඔස්ටේ්‍රලියාවෙන් පිටත සිට වීසා ඉල්ලූ අයට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාවෙන් පිටත සිටින පුද්ගලයින් විසින් ගොනු කර ඇති වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වය දීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අයදුම්පත් සලකා බලා අවසන් කිරීමට ගතවන කාලය අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ශිෂ්‍ය – සංචාරක සහ පුහුණු ශ්‍රමික වීසා අයදුම්පත් සළකා බලන වීසා නිළධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටද ඒ යටතේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මෙම නව පියවරත් සමග ඉදිරි මාසවලදී වීසා සැකසුම් කාලය වැඩිදියුණු වනු ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

දෙපාර්තමේන්තුව සතුව පැරණි අයදුම්පත් විශාල සංඛ්‍යාවක් මෙන්ම දිනපතා එකතුවන නව අයදුම්පත් විශාල සංඛ්‍යාවක්ද පවතිනවා.

හැකි ඉක්මනින් එම අයදුම්පත් සලකා බැලීම සඳහා කටයුතු කරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »