වසර 02 කට පසු NSW වෙත නැවතත් වේග කැමරා සංඥා

වසර 02 කට පසු නැවතත් ජංගම වේග කැමරා අනතුරු ඇගවීම් සංඥා ප්‍රදර්ශනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ රියදුරන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේයි.

අනතුරු ඇගවීම් සංඥා ඉවත් කිරීමත් සමග නිවු සවුත් වේල්ස් හි දඩ නිකුත් කිරීම්වල සියයට 10 ක පමණ ඉහළයාමක් නිරීක්ෂණය වි තිබෙනවා.

මේ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට නැවතත් ජංගම වේග කැමරා අනතුරු ඇගවීම් සංඥා ප්‍රදර්ශනය ආරම්භ වන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

මාර්ග සංඥා අනතුරු ඇගවීම් ප්‍රදර්ශනයත් සමග 2020 වසරේදී නිවු සවුත් වේල්ස් පොලිසිය නිකුත් කර තිබූ දඩ සංඛ්‍යාව 38,743 ක් වැනි පහළ අගයක් ගෙන තිබුණා.

කෙසේවෙතත් 2021 වසරේදී එම සංඥා පුවරු ඉවත්කිරිමත් සමග දඩ පත්‍රිකා ගණන 361,896 දක්වා දස ගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණා.

මේ වසරේ මේ දක්වා කාලය තුළදි නිකුත් කර ඇති දඩ ගණන ලක්ෂ 02 කට අධිකයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »