වසර 06 කට පසු ලාංකික වේදිකා නාට්‍යයක් ඔස්ටේ්‍රලියාවේදී

වසර 06 කට පසු ශ්‍රී ලාංකික වේදිකා නාට්‍යයක් ඔස්ටේ්‍රලියාවල තුළදී ප්‍රදර්ශනය ලබන 15 වනදා සිදුකෙරෙනවා.

Hampton Park හි පිහිටා ඇති river gum performing arts centre හිදීයි Mr.President වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය සිදු කෙරෙන්නේ.

එදින පස්වරු 03.30 ට සහ සවස 06.30 ට ලෙස ප්‍රදර්ශන වාර් 02 ක් සංවිධාන කර තිබෙනවා.

රොෂාන් රවීන්ද්‍ර / ප්‍රියන්ත සිරි කුමාර – කළන ගුණසේකර සහ සේවියර් කණිෂ්ක මේ සඳහා රංගනයෙන් දායක වනවා.

Mr.President වේදිකා නාට්‍යයේ ඇති විශේෂත්වය වන්නේ එය ඔස්ටේ්‍රලියාව තුළදී සිදුකෙරෙන නිෂ්පාදනයක් වීමයි.

මංගල දර්ශනය මෙල්බන්වල පැවැත්වුවද ඉදිරියේදී ඇඩිලේඩ් – බ්‍රිසබන් – ඩාවින් සහ සිඩ්නි යන නගරවලදීත් මෙය ප්‍රදර්ශනයට සංවිධායකයන් සැළසුම් කරමින් පවතිනවා.

මේ සඳහා ප්‍රවේශපත්‍ර පහතින් මිලදී ගත හැකියි – https://bit.ly/3VcTo2b

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »