Search

High speed යන රියදුරන්ට අලුත් උපාංගයක්

රියදුරන්ට වේග සීමා පිළිබඳ අනතුරු අගවන නව ඇප්ලිකේෂනයක් (speed adviser) නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් එළිදක්වා තිබෙනවා.

නියමිත වේග සීමාව ඉක්මවා යන්නේද සහ ජංගම වේග කැමරා ක්‍රියාත්මක වන කලාපයක්ද යන්න එහිදී රියදුරන් දැනුවත් කිරීම සිදුවනවා.

හඩ මගින් රියදුරන්ට අනතුරු ඇගවීම් නිකුත් කිරීම නව ඇප්ලිකේෂනයේ ඇති ප්‍රධානම ලක්ෂණයයි.

අදාළ ප්‍රදේශ නුපුරුදු රියදුරන් ඉලක්ක කර ඔවුන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම නව ඇප්ලිකේෂනයේ ප්‍රධාන අරමුණ බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කියාසිටියා.

මාර්ග සංඥා අනතුරු ඇගවීම් ප්‍රදර්ශනයත් සමග 2020 වසරේදී නිවු සවුත් වේල්ස් පොලිසිය නිකුත් කර තිබූ දඩ සංඛ්‍යාව 38,743 ක් වැනි පහළ අගයක් ගෙන තිබුණා.

කෙසේවෙතත් 2021 වසරේදී එම සංඥා පුවරු ඉවත්කිරිමත් සමග දඩ පත්‍රිකා ගණන 361,896 දක්වා දස ගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණා.

මේ වසරේ මේ දක්වා කාලය තුළදි නිකුත් කර ඇති දඩ ගණන ලක්ෂ 02 කට අධිකයි.