
ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය (ATO) වෙත ඩොලර් මිලියන 1.8 ක පමණ බදු වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයන් 10 දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.
මොවුන් පසුගිය සති 03 තුළදී ක්වීන්ස්ලන්ඩ් හි ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර වයස අවුරුදු 18 ත් 22 ත් අතර වනවා.
GST Tax refund ලබාගැනීම සඳහා ව්‍යාජ ව්‍යාපාර පවත්වාගෙන යමින් ව්‍යාජ මූල්‍ය ලේඛණ සකස් කිරීම සැකකරුවන්ට එරෙහි ප්‍රධාන චෝදනාවයි.

ඔවුන් සතුව තිබී සුඛෝපභෝගී වාහන – මුදල් – මත්ද්‍රව්‍ය – ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුලු ද්‍රව්‍ය රැසක්ද හමුවී තිබෙනවා.
මෙම ජාවාරමේ තවත් සැකකරුවන් සිටි දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
