
මෙල්බන් දුම්රිය ස්ථානයක් අසලදී තරුණයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල තවත් තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.
Lilydale දුම්රිය ස්ථානය අසල Maroondah Highway අසලදීයි ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වි තිබුණේ.
පහරකෑමට ලක්වූ 18 හැවිරිදි තරුණයා මුහුණට සිදුවූ බරපතල තුවාල හමුවේ රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ත් 17 ත් අතර වන තරුණයන් 04 දෙනෙකුයි.
ඔවුන් පසු දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
