Search

රනිල්ට බැදුම්කර චෝදනා නෑ – ෂෙහාන්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට පෙර හෝ ඉන් පසු චෝදනා එල්ලවී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද කිසිදු ආයතනයකින් හෝ අධිකරණයෙන් රනිල් වික්‍රමසිංහ ඒ

සම්බන්ධයෙන් චුදිතයෙකු ලෙස නම් කර නැති බවත් ඔහු පැවසීය.

මහබැංකු බැදුම්කර වංචාවක් සිදු කළේ කවුරුවත් වුවද ඊට අදාළ නීතිමය කටයුතු දැන් සිදු වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට ප‍්‍රතිචාර ලෙසයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »