දවස් 07 න් ලංකාවේ ගෙදරටම බඩු යවන්න – මෙල්බන්වල අලුත්ම වැඩේ මෙන්න

වසර 30 කටත් අධික කාලයක සිට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් වෙනුවෙන් විශ්වාසනීය සේවාවත් පවත්වාගෙන ගිය ට්‍රාන්ස්කෝ කාර්ගෝ විසින් අද සිය අලුත්ම සේවාව ආරම්භ කරනු ලැබුවා.

ඒ ට්‍රාන්ස්කෝ කාර්ගෝ විසින් බලගැන්වෙන ලයන් එයාර් කුරියර් සේවාවයි.

දින 07 ක් ඇතුළත අවශ්‍ය භාණ්ඩ ඉතා සුරක්ෂිතව යොමු කල හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

ට්‍රාන්ස්කෝ කාර්ගෝ විසින් බලගැන්වෙන ලයන් එයාර් කුරියර් සේවාවේ සමරාම්භක උත්සවය අද පැවැත්වුණේ ට්‍රාන්ස්කෝ කාර්ගෝ ඩැන්ඩිනොන්ග් ශාඛාවේදීයි.

ට්‍රාන්ස්කෝ කාර්ගෝ පවසන්නේ ශ්‍රී ලාංකිකයන් සමග දීර්ඝ කාලයක් කටයුතු කර තිබීම හමුවේ තම ආයතනය විශ්වාසය පිළිබඳ උපරිම තහවුරු කිරීමක් ලබාගෙන ඇති බවයි.

පවතින වාතාවරණය යටතේ ඉතා ඉක්මණින් මව්බිමට භාණ්ඩ යැවීමේ අඩුපාඩුව අද සිට සම්පූර්ණ වන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

දැනට මාසිකව ලාංකිකයන් 1000 ක් පමණ ට්‍රාන්ස්කෝ කාර්ගෝ හරහා ඔස්ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවෙන බව සඳහන්.

ඔවුන්ට අද සිට තවත් ඉක්මණින් හා සුරක්ෂිතව ආහාර – ඖෂධ – ලිපිලේඛණ ඇතුලු ඕනෑම භාණ්ඩයක් යැවීමට අවස්ථාව උදාවන බවද ට්‍රාන්ස්කෝ කාර්ගෝ පෙන්වා දෙනවා.

මෙල්බන්වාසින්ට සෑම සතියකම බදාදා දිනට පෙර භාරදෙන භාණ්ඩ දින 07 ක් ඇතුළට මව්බිමට ගුවන් මගින් යැවීමට මේ අනුව අවස්ථාව උදාවනවා.

ශ්‍රී ලංකාවට භාණ්ඩ ගොඩ බෑමෙන් පසු නිෂ්කාෂනයෙන් පැය 24 ක් ඇතුළත කොළඹ නගරය තුළත් පැය 48 ක් තුළ දිවයින පුරාත් භාණ්ඩ බෙදා හැරීමද මේ අනුව සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »