
ඔස්ටේ්‍රලියාවේ තවත් ප්‍රධානම සන්නිවේදන සමාගමක් වන Telstra සමාගම තුළද අනවසර දත්ත පිවිසීමක් සිදුවි තිබෙනවා.
කෙසේවෙතත් කිසිදු පාරිභෝගිකයෙකුට මෙමගින් බලපෑමක් නොමැති අතර සිය සේවකයන් 30,000 කගේ පමණ පළමු නම – අවසාන නම සහ රාජකාරි විද්‍යුත් ලිපින මුදා හැරීමක් පමණක් සිදුවී ඇති බවයි Telstra සමාගම නිවේදනය කලේ.
සමාගමේ හිටපු සහ වත්මන් සේවකයන් මේ අතර වන අතර ඇතැම් දත්ත 2017 වසර දක්වා පැරණි ඒවා බවද සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් Telstra සමාගම අවධාරණය කරන්නේ මෙම අනවසර දත්ත පිවිසීම හරහා කිසිදු බලපෑමක් නොමැති බවයි.
ඔප්ටස් සමාගම දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ගොදුරුවී දින කිහිපයකින් මෙම සිදුවීම වාර්තාවීමද විශේෂත්වයක්.
