ඔස්ටේ්‍රලියාවට එන අපේ සිංහයන්ගේ ජර්සිය මෙන්න

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි.

කටුනායක වෙළෙඳ කලාපයේදී එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිතය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට සරිලන ආකාරයෙන් මෙම ජර්සිය සකස් කර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින් බවට පත්වු අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර තිබේ.

More Pics – https://www.facebook.com/auslankatvpage/posts/pfbid01S2siJPZwa5PJGVSiju2M8URDFBe7sa2sWqJfUkKGBnicMRW47muXsMH3baXUBgsl?__cft__[0]=AZXdHOsO4mPowWFRkRmbrz8X-ZH99yuMXLws7fK7H1iLj-lkqA7pKUzEz4X5KHM-36T87Z-SnnksdX_qWPW3xCsDdiaSppaQMD9KD1EcqIbg8xOK-7_4RH7RGQv_wDamCjI&__tn__=%2CO%2CP-R

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »