ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානම රෝහලක් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානම රෝහලක රෝගීන්ට සළකන ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් හි Mackay Base Hospital සම්බන්ධයෙනුයි මෙම හෙළිදරව්ව සිදුකර ඇත්තේ.

රෝගී සත්කාරවල අඩුපාඩු හේතුවෙන් ළදරුවන් 03 දෙනෙකුගේ මරණ සිදුවී ඇති බවත් එක් කාන්තාවක සදාකාලික කායික ආබාධයන්ට ලක්ව ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙවැනි අත්දැකීමක් කිසිදු පවුලකට අත් නොවිය යුතු බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath මෙම වාර්තාව එළිදක්වමින් සංවේදී අන්දමින් අදහස් පළකලා.

මව්වරුන් 26 දෙනෙකුට ගතවූ කාලසීමාව තුළදී ලැබී ඇත්තේ නියමිත මට්ටමට වඩා අඩු සැළකිලි බවටත් මෙම වාර්තාව අනාවරණය කරනවා.

ඔවුන් සියලු දෙනාට වන්දි ගෙවිය යුතු බවටයි වාර්තාව නිර්දේශ කර ඇත්තේ.

Mackay Base රෝහලේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් දැක්විමට 2020 ඔක්තෝබර් මාසයේදී කාර්ය මණ්ඩලය සූදානම් වුවද රෝහල් පාලනාධිකාරිය එය වළක්වා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

2019 වසරේ ජුලි 01 සිට 2021 වසරේ ඔක්තෝබර් 31 වනදා දක්වා කාලයට අදාළවයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »