Breaking: ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කෙරේ

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් ආසාධිතයන්ට අදාළවන පරිදි පැවති දින 05 ක හුදකලා කාලය මුලුමණින්ම අහෝසි කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Aged care සහ රෝහල් සේවකයන්ට කොවිඩ් ආසාධනය වුවහොත් පමණක් තවදුරටත් එම රෙගුලාසි බලාත්මක වනු ඇති.

ලබන ඔක්තෝබර් 14 වනදා සිට මෙම නව රෙගුලාසි බලාත්මක වන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් වසංගතයේ අවසානයක් මෙමගින් අදහස් නොකරන බව ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය පෝල් කෙලී සඳහන් කලා.

අනාගතයේ ඇතිවිය හැකි තත්වය දැන්ම අනාවැකි පළකල නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවේදි ඔහු ප්‍රකාශ කලේ.

කොවිඩ් මරණ – රෝහල්ගත වීම් – ආසාධිතයන් අඩුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

ජාතික කැබිනට්ටුව අද ගත් තීරණයත් සමග කොවිඩ් ආසාධනය වී සිටියදී පවා රැකියා කිරීමට හෝ වෙනත් සාමාන්‍ය කටයුතුවල නිරතවීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව උදා වනවා.

මෙම තීරණයත් සමග කොවිඩ් ආසාධනය වී හුදකලාව සිටින්නන් සඳහා ගෙවනු ලැබූ දීමනාවද ලබන 14 වනදා සිට අවසන් වනවා.

රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් සඳහා ස්වයං නිරෝධායන කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමට පසුගිය අගෝස්තු 31 දින පැවති ජාතික කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »