වැඩිම වේගයකින් ඔස්ටේ්‍රලියාව පුරා ධාවනය කර වාර්තාවක්

ඔස්ටේ්‍රලියාව පුරා වැඩිම වේගයකින් ධාවනය කර නව වාර්තාවක් තැබීමට තරුණයෙකු සූදානම් වනවා.

නෙඩ් බ්‍රොක්මන් නම් ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ දිනකට කිලෝමීටර් 100 ක් බැගින් දින 40 ක් අඛණ්ඩව ධාවනයේ යෙදීමයි.

ඒ අනුව සති 06 කදී කිලෝමීටර් 4000 ක දුරක් ආවරණය කිරීම ඔහුගේ සැලසුම වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් උපකාර කිරීම සඳහා ඩොලර් මිලියනයක මුදලක් එක් රැස් කිරීම සිය අපේක්ෂාව බවයි 23 හැවිරිදි නෙඩ් බ්‍රොක්මන් කියාසිටියේ.

ඔහු මිට ඉහතදීත් මැරතන් තරග වැනි අවස්ථා සඳහා සහභාගී වී මෙලෙස මුදල් එක් රැස් කර ස්වේච්ඡා සංවිධාන වෙත ලබා දී තිබුණා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »