Search

රැජිණට බුහුමන් දක්වන්න සුපිරි තරුවක් පැය 12 ක් පෝලිමේ

එංගලන්ත හිටපු පාපන්දු නායකයෙකු වන ඩේවිඩ් බෙකම්, අභාවප්‍රාප්ත වූ 02 වන එළිසබෙත් රැජිණට අවසන් බුහුමන් දැක්වීම සඳහා පැය 12 කට වැඩි කාලයක් පෝලිමේ ගත කර තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ අලුයම 02 ට පමණ තමා පෝලිමට එකතු වූ බවයි වෙස්ට් මිනිස්ටර් ශාලාව අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෙකම් කියාසිටියේ.

බෙකම්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විශාල පිරිසක් ප්‍රසාදයද පළකර තිබෙනවා.

රැජිණට ගෞරව දැක්වීම සඳහා එක් අයෙකුට රැඳී සිටීමට සිදුවන සාමාන්‍ය කාලය පැය 19 1/2 ක් බවට මේ වනවිට තක්සේරු කර තිබෙනවා.

රැජිණගේ අවසන් කටයුතු ලබන සඳුදා (19) සිදු කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »