Search

සූදූ ක්‍රීඩා කිරීමේදී ටස්මේනියාව තුළ නව නීති

සූදූ ක්‍රීඩා කිරීමේදී නව නීති මාලාවක් පැණවීමට ටස්මේනියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Pokies ක්‍රීඩා කරන අයෙකුව වසරකදී වියදම් කල හැකි උපරිම මුදල ඩොලර් 5000 කට සීමා වනු ඇති.

එමෙන්ම දිනකට පරාජය විය හැකි උපරිම මුදල ඩොලර් 100 ක් වන අතර මාසයකට නම් එය ඩොලර් 500 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් Pokies ක්‍රීඩාවට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව සඳහන්.

ඔස්ටේ්‍රලියාව තුළදී සූදූ ක්‍රීඩාවලට අදාලව මෙවැනි දැඩි රෙගුලාසි මාලාවක් පණවන ලද පළමු ප්‍රාන්තය වන්නේද ටස්මේනියාව වන අතර අනෙකුත් ප්‍රාන්තද එය අනුගමනය කරනු ඇති බවට අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියාවේ පළමු කැසිනෝ මධ්‍යස්ථානය 1973 වසරේදී විවෘත කරනු ලැබුවේද ටස්මේනියා ප්‍රාන්තයේ අගනුවර වන හෝබාර්ට් නගරයේදීයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »