ලොව අලුත්ම ධනවතුන් අතර ලංකාවට සම්බන්ධ අයෙක් 02 වන තැන

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතු වූ ඉන්දීය අදානි සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

නවතම වාර්තාවක දැක්වෙන්නේ ඔහුගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 155 යි දශම 5 ක් බවයි.

කෙටි කාලයක් තුළ අදානි සමාගමේ කොටස්වලට ඉහළ වටිනාකමක් ලැබීම මීට හේතුවයි.

ඒ අනුව ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 5 යි දශම 2 කින් වැඩි වී ඇත්තේ සියයට 3 යි දශම 4 යි 9 ක වැඩිවීමක් පෙන්නුම් කරමින්.

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන තුන අතරට ආසියානු ජාතිකයෙකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.

තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ටෙස්ලා සමාගමේ ඉලෝන් මස්ක්.

ඔහුගේ දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273 යි දශම 5 ක්.

ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසස් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවනවා.

ඉන්දියාවේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානි සහ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ද ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනා අතර සිටිනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »