විලියම් කුමරු – කේට් කුමරිය ලබන වසරේ ඔස්ටේ්‍රලියාවට

මහා බ්‍රිතාන්‍යයේ මීලගට ඔටුන්න හිමි කුමරුන් වන විලියම් කුමරුන් සහ කේට් කුමරිය ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයකට පැමිණෙනු ඇති බවට වාර්තා වනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ බොහෝ දුරට එය රැජිණගේ අභාවයෙන් පසු ඔවුන් නිරත වන පළමු විදෙස් සංචාරය වනු ඇති බවයි.

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම තොරතුරු හෙළිකර තිබුණා.

2014 වසරේදීත් විලියම් කුමරුන් සහ කේට් කුමරිය ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයක් සඳහා පැමිණි අතර 2020 වසරේදීත් පැමිණීමට නියමිතව සිටියා.

එහෙත් කොවිඩ් තත්වය හේතුවෙන් එය අවලංගු කෙරුණු අතර ලබන වසරේදි නැවත ක්‍රියාත්මක වනු ඇත්තේ එම සංචාරයයි.

බොහෝදුරට ඔවුන්ගේ දරුවන්ද මෙම සංචාරයට එක්වනු ඇති බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් අනාවැකි පළකර තිබුණා.

එවක ඔටුන්න හිමි කුමරුන් ලෙස සිටි වත්මන් 03 වන චාල්ස් රජු ද 2018 වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »