අදට සැළසුම්කල ක්වන්ටාස් වර්ජනය අත්හරී

ක්වන්ටාස් ගුවන් සමාගම් සේවකයන් අද දිනයට සැළසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ භූමි මෙහෙයුම් (Ground handling) අයත් ඩුබායි සමාගම සමග පැවති සාකච්ඡාවක ප්‍රථිඵලයක් ලෙසයි.

ක්වන්ටාස් සැපයුම් ජාලය නියෝජනය කරන සේවකයන් විශාල පිරිසක් අද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර තිබූ අතර ඒ අනුව සිඩ්නි – බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළවල ගුවන් ගමන් මෙහෙයුම් සඳහා අවහිරතා එල්ලවනු ඇති බවටයි අනතුරු අගවා තිබුණේ.

පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ වැටුප් වැඩි කිරීම සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නංවන ලෙස ඉල්ලමිනුයි.

මෙහිදී ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවටත් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාද සැළකිය යුතු බාධාවන් එල්ලවනු ඇති බවටත් අනතුරු ඇගවීමක් සිදුකර තිබූ නමුත් වර්ජනය අවලංගු කිරීම හමුවේ අද දිනයේදී ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »