‘Golden Ticket’ වීසා ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක්

Golden Ticket වීසා ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ එමගින් අපේක්ෂිත ප්‍රථිඵල නොලැබීම ඊට හේතුව බවයි.

ඩොලර් මිලියන 05 ක මුදලක් ආයෝජනය කල හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථිර පදිංචිය සහ අනතුරුව පුරවැසිභාවය පිරිනැමෙන ක්‍රමවේදයක් Golden Ticket වීසා බලපත් ක්‍රමයට අන්තර්ගතයි.

කෙසේවෙතත් මෙම වීසා බලපත්‍රය යොදාගනිමින් විශේෂයෙන් චීන ජාතිකයන් ඔස්ටේ්‍රලියාවට පැමිණ විවිධ වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඒ අනුව Golden Ticket විසා ක්‍රමය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ.

2012 වසරේ නොවැම්බර් මාසයේදී මෙම වීසා බලපත්‍රය හඳුන්වාදීමෙන් අනතුරුව මේ දක්වා නිකුත් කර ඇති වීසා බලපත් සංඛ්‍යාව 2300 කට අධිකයි.

ඉන් සියයට 85 ක් පමණ නිකුත් කර ඇත්තේ චීන ජාතිකයන්ට වන අතර තවත් සියයට 05 ක් පමණ හොංකොං වාසීන්ට ලබාදී ඇතැයි සඳහන්.

මේ දක්වා එමගින් ඔස්ටේ්‍රලියානු රජයට ලැබී ඇති ආදායම ඩොලර් බිලියන 11.8 ක් පමණ වනවා.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »