පසුගිය අගහරුවාදා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය අනුව ඔස්ටේ්‍රලියාව ප්‍රධාන බැංකු අද ඊට ප්‍රතිචාර දැක්වූවා.
ඒ අනුව NAB – ANZ සහ Commonwealth යන බැංකු 03 ම ලබන 16 වනදා සිට සිය නිවාස ණය පොළිය සියයට 0.5 කින් ඉහළ දමන බවයි අද නිවේදනය කලේ.
කෙසේවෙතත් Westpac බැංකුව මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
මේ අනුව ඩොලර් 750,000 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුට සිය මාසික වාරිකය ඩොලර් 216 කින් පමණ ඉහළ ය ාමක් අපේක්ෂා කල හැකි වනවා.
ලබන පෙබරවාරි මාසය වනවිට ඔස්ටේරලියාවේ උද්ධමනය සියයට 7.75 ක් දක්වා වැඩිවිය හැකි බවටයි සංචිත බැංකුවේ ප්‍රධානියා ඊයෙ දිනයේදී අනාවැකි පළකලේ.