ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු රැකියා පුරප්පාඩු 176% කින් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ ඉංජිනේරු රැකියා පුරප්පාඩු සංඛ්‍යාව සියයට 176 කින් වර්ධනය වී තිබෙනවා.

එය 2012 වසරෙන් පසු ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.

ජාතික නිපුණතා කොමිසමට අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුහුණු ශ්‍රමිකයන්ගෙන් සියයට 47 ක් පමණම ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් අපේක්ෂාවෙන් පැමිණෙන්නන් වනවා.

එහෙත් ඔවුන් පසුව වෙනත් රැකියා සඳහා නැඹුරුවීමක් දක්නට ලැබෙන බවද සඳහන්.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ බහුතරයක් සේවා යෝජකයන් විසින් ඔස්ටේ්‍රලියානුවන් නොවන පුද්ගලයන් රැකියා සඳහා බඳවා ගැනීමට අකමැත්තක් දැක්වීමයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »