2022/23 දකුණු ඔස්ටේ්‍රලියා ව්‍යාපාරික වීසා අයදුම්පත් ගැනීම ඇරඹේ

2022-23 වසර සඳහා වන දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ව්‍යාපාරික සහ ආයෝජන වීසා වැඩසටහන යටතේ ස්ථිර පදිංචියට අදාළ අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.

ව්‍යාපාර හිමිකරුවන් – ආයෝජකයන් – ව්‍යවසායකයන් ට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ ස්ථාපිත වී ප්‍රාන්ත ආර්ථිකයට දායකවීමට එමගින් අවස්ථාව උදාවනු ඇති.

වීසා උප කාණ්ඩ 188 යටතේ අධියර 04 ක් යටතේ මේ සඳහා ඉල්ලූම් කිරීමට ව්‍යාපාරික සහ ආයෝජකයන්ට මේ යටතේ අවස්ථාව පවතිනවා.

  • Business Innovation Stream (188A)
  • Investor Stream (188B)
  • Significant Investor Stream (188C)
  • Entrepreneur Stream (188E)

මෙවර දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ස්ථිර පදිංචි වැඩසටහන යටතේ ව්‍යාපාරික වීසා වෙනුවෙන් වෙන් කර ඇති අතුරු කෝටාව 70 ක්.

ඔවුන් පළමුවෙන් ITA (Intention to Apply) එකක් සළකා බැලීම සඳහා ඉදිරිපත් කල යුතු වනවා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »