TAFE ගැන අගමැතිගෙන් රැකියා සමුලුවට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාවේ TAFE අධ්‍යාපන ආයතන සඳහා බඳවා ගන්නා තවත් 180,000 ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

කැන්බරා හිදී අද පෙරවරුවේ ආරම්භ වූ රැකියා සහ කුසලතා සමුලුව අමතමිනුයි අගමැති ඇන්තනී ඇල්බනීස් මෙය නිල වශයෙන් නිවේදනය කලේ.

ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

TAFE හරහා ලබාදෙන පුහුණුව පුලුල් කිරීමටත් ඒ සඳහා අමතර ඩොලර් බිලියන 1.1 ක මුදලක් වෙන් කිරීමටත් තීරණය කර ඇතැයිද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.

ඊට අමතරව රැකියා පුහුණු අංශයට අමතර මුදල් වෙන් කිරීමට ප්‍රාන්ත රජයන්ද එකගතාවය පළකර ඇති බවයි අගමැති ඇල්බනීස් සඳහන් කලේ.

 

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »