බස් සහ දුම්රිය වෘත්තිය සමිති සේවකයන් විසින් ආරම්භ කර ඇති දැවැන්ත වැඩ වර්ජනයක් හමුවේ සිඩ්නි මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
බස් සහ දුම්රිය සේවාවලින් සියයට 75 ක් පමණ ක්‍රියාත්මක නොවන බව සඳහන්.
මීට අමතරව සිඩ්නි නගරයේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු හේතුවෙන්ද මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
සේවා ගුණාත්මකභාවය ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙනුයි නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති සති කිහිපයක සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින්නේ.
වර්ජනය හමුවේ සිඩ්නි දුම්රිය පොළ සහ බස් නැවතුම්පොළවල දැඩි තදබද පවතින බවයි වාර්තා වන්නේ.