එන්නත්කරණය අභියෝගයට ලක්කල පිරිසකට $ ලක්ෂ 02 ක දඩ

එන්නත්කරණය ඇතුලු කොවිඩ් මර්දන රෙගුලාසි අභියෝගයට ලක්කල ඔස්ටේ්‍රලියානුවන් පිරිසකට ප්‍රාන්ත රජයන්ට ඩොලර් ලක්ෂ 02 කට වැඩි දඩ මුදල් ගෙවන ලෙස ෆෙඩරල් අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.

දෙවන මාත්‍රාව ගැනීමෙන් පසු විවිධ සංකූලතා ඇතිවූ බවට චෝදනා කරමිනුයි මෙම පෙත්සම ගොණු කර තිබුණේ.

එමගින් ප්‍රතිකාර සඳහා කාල වෙන් කිරීමට සිදුවීම හමුවේ තමන්ගෙන් ඇතැමුන්ට රැකියා පවා අහිමිවූ බවයි ඔවුන් පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ.

මෙම සියලු කරුණු සළකා බලා තමන්ට ඩොලර් 363,492 ක වන්දි මුදලක් අය කර දෙන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් එක් එක් රජයන් විසින් එන්නත්කරණයට පෙර ප්‍රමාණවත් කාල සීමා දී තිබූ බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

එක් එක් රජයට ගෙවන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කෙරුණු දඩ මුදල් පහත පරිදියි.

Commonwealth – $50,000
NSW – $39,023
Victoria – $50,000
Tasmania – $15,000
Western Australia – $20,000
Northern Territory – $20,000
Queensland – $20,000

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »