Search

ගුරු හිගයෙන් වික්ටෝරියා පාසල් කටයුතු අඩපණ වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරු හිගය උච්චතම අවස්ථාවට පැමිණ ඇතැයි අධ්‍යාපන සංගම් පවසනවා.

රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් සියයට 90 ක්ම පවසා ඇක්කේ ලබන වසරේ පාසල් කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගුරුවරුන් තමන් සතුව නොමැති බවයි.

මෙම ගැටලුව විසඳා ගැනීමට හැකි ඉක්මණින් පියවරක් ගන්නැයිද ඔවුන් වික්ටෝරියා ප්‍රාන්ත රජයට දැනුම් දෙනවා.

මෙල්බන් නාගරික කලාපය මෙන්ම ප්‍රාදේශීය කලාපයේ පාසල් 242 ක් ආශ්‍රිතව සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එහිදී විදුහල්පතිවරුන් අතුරින් 10 න් 08 දෙනෙකුම පවසා ඇත්තේ මෙම වසර තුළදී තමන්ට අවශ්‍ය ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

ගුරුවරුන් එම වෘත්තියෙන් ඉවත් නොවීම සඳහා ගතහැකි කඩිනම් පියවර ගන්නා ලෙසටද ඔවුන් වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »