Search

රට ඉඳන් ලංකාවට සල්ලි එවන්න අලුත් App එකක්

LANKA REMIT

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට එවීම සඳහා ‘Lanka Remit‘ නමින් ජංගම යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්වී එම ජංගම යෙදවුම හඳුන්වාදීම සිදු කෙරුණා.

මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් සිය ප්‍රේෂණ යොමු කිරීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එමෙන්ම විදේශයන්හි නිකුත් කරන ලද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් භාවිත කිරීමෙන් විදුලි බිල්පත් හා ජල බිල්පත් ආදී බිල්පත් සඳහා ගෙවීම් සිදුකිරීමට ද ඉන් අවස්ථාව හිමිවන බව සඳහන්.

Lanka remit යෙදවුම ඕනෑම ජංගම දුරකතනයකින් භාගත කරගැනීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ද මෙම යෙදුම හරහා හැකිවනවා.