නිවු සවුත් වේල්ස් හි Hume අධිවේගී මාර්ගයේ රථ වාහන ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් මෝටර් රථ 05 ක් සහ අදාළ ට්‍රක් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගිනි නිවීම් භටයන් 20 කට වැඩි පිරිසක් ගින්න පාලනය සඳහා යොදවා සිටි බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරත් සමග Hume අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණා.
එය මේ වනවිට නැවත යථා තත්වයට පත් කර තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී රථ වාහන ධාවනයට බාධා පැමිණිය හැකි බවයි නිවු සවුත් වේල්ස් මාර්ග අංශ දන්වා සිටින්නේ.
PICS –