ආහාර මිළ උද්ධමනය වැඩිම රටවල් 10 අතර ශ්‍රී ලංකාවට 05 වන තැන

ආහාර මිළ ගණන්වල උද්ධමනය වැඩිම රටවල් 10 අතරට ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.

නවතම ලෝක බැංකු වාර්තාවට අනුව වැඩිම ආහාර උද්ධමනයක් සටහන් කර ඇත්තේ ලෙබනනයයි.

සිම්බාබ්වේ 02 වන ස්ථානයටත් – වෙනිසුවේලාව 03 වන ස්ථානයටත් තුර්කිය 04 වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

ආහාර මිළ උද්ධමනය අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 05 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකාවට පසුපසින් මුල් ස්ථාන 10 සිටින අනෙකුත් රටවල් වන්නේ ඉරානය – ආර්ජන්ටිනාව – සූරිනාම් – ඉතියෝපියාව සහ මෝල්ඩෝවා රාජ්‍යයයි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය, ජුනි මාසයේ පැවති සියයට 58.9 හි සිට ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මීට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »