මෙල්බන් හා බ්‍රිස්බන් ගුවන් තොටුපළට වර්ජින් ගුවන් සේවයෙන් නව වෙනසක්

මෙල්බන් හා බ්‍රිස්බන් ගුවන් තොටුපළවල කඩිනම් (fast-track) ආරක්ෂක ගේට්ටු ඇති කිරීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ව්‍යාපාරික පංතියේ මගීන්ට සහ Velocity Frequent Flyer සාමාජිකයන්ට ඒවා භාවිත කල හැකියි.

දිනපතා අලුයම 05 සිට පෙරවරු 10 දක්වා මෙම ගේට්ටු ක්‍රියාත්මකව පවතිනු ඇති.

ගුවන් ගමන් ප්‍රමාදයකින් තොරව සහ අපහසුතාවයකින් තොරව සිය ගුවන් මගීන්ට තවත් වරප්‍රසාදයක් අත්කරදීමේ අරමුණ ඇතිවයි වර්ජින් ගුවන් සේවය මෙම පියවර ගෙන ඇත්තේ.

ගුවන් ගමන් ප්‍රමාදයන්ට සමාව අයැදීමක් ලෙස සියලුම ගුවන් මගීන්ට ඩොලර් 50 ක වවුචරයක් ලබාදීමටයි ක්වන්ටාස් ගුවන් සේවයද ඊයේ තීරණය කලේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »