නුසුදුසු වචන භාවිත කල ක්වීන්ස්ලන්ඩ් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් යයි

නුසුදුසු වචන භාවිත කල බවට චෝදනා එල්ලවූ ක්වීන්ස්ලන්ඩ් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පෝල් ටේලර් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ කරුණු විභාගයකදී කාන්තාවක අපහසුතාවයට පත්වන වචන භාවිත කල බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

පෝල් ටේලර් ගේ පොලිස් සේවය වසර 45 කට ආසන්නයි.

එහෙත් තමා අතින් වරදක් සිදුවී ඇතැයි පිළිගනිමින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත්තේ.

https://www.9news.com.au/national/queensland-deputy-police-commissioner-paul-taylor-resigns-over-inappropriate-vagina-whisperer-comments-domestic-violence-inquiry/e79ac815-7c96-4884-9ef6-02d3f53012a6

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »