ඔස්ටේ්‍රලියාවට එන විදෙස් සිසුන් ගැන තවත් අනාවරණයක්

ජූනි මාසයේ දී ඔස්ටේ්‍රලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 29,480 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

එය පසුගිය වසරට වඩා 29,010 ක ඉහළයාමක්.

කෙසේවෙතත් 2019 වසරේ ජූනි මාසයට වඩා මෙම ශිෂ්‍ය පැමිණීම සියයට 36 ක පහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

වැඩිම සිසුන් පැමිණීමක් සටහන් කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර එය 11,230 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ ඇති සිසුන් සංඛ්‍යාව 8,900 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙනවා.

ජූනි මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 730,400 ක් වන අතර මෙරටින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 880,860 ක්.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »